hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 16, ප.ව. 4:58



ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති වරයා වූ ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ එම ඝාතනය සිදු වීමට පෙර ඔහු තම බිරිඳට පවසා ඇත්තේ තමන්ට අය විය යුතු රුපියල් කෝටි ගණනක මුදලක් ලබාදීමට නියමිත පුද්ගලයෙක් හමුවීමට යන බවයි.

ඊට ටික වේලාවකට පසු බිරිඳ දුරකථන ඇමතුමක් ගත්තද එය ක්‍රියා විරහිත ව තිබීමෙන් තිබීම නිසා බිරිඳ ඒ මොහොතේ දුරකථන සංඥා ලැබී ඇත්තේ බොරැල්ල සුසාන භූමිය අසල සිට බව හදුනාගෙන තිබෙනවා.

බිරිඳ මේ සම්බන්ධයෙන් සමාගමෙන් තව නිලධාරියෙකුට දැනුම් දීමෙන් පසු ඔහු කළ සොයා බැලීමේදී හෙළි වී ඇත්තේ සභාපති වරයා තම මෝටර් රථයේ රියැදුරු අසුන මත ගැටගසා වයරයකින් ගෙල ගැටගසා තිබෙන අයුරුයි.

අධ්‍යක්‍ෂවරයා විසින් සභාපතිවරයා වහාම රෝහල් ගත කර ඉන් ටික වේලාවකට පසු ඔහු මියගොස් තිබෙනවා.

සුසාන භූමියේ කම්කරුවන් දැක ඇත්තේ සභාපතිවරයාගේ මෝටර් රථය අසල සිට කිසියම් පුද්ගලයකු පිටත්ව යන අයුරුයි.

ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයකු විසින් රුපියල් කෝටි ගණනක මුදලක් සභාපතිවරයාට ගෙවීමට ඇති අතර ඒ සම්බන්ධයෙන් පැමිණිලි තුනක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඔහු විසින් මීට පෙර සිදුකර තිබුණා.

ඒ සම්බන්ධයෙන් අදාළ චිවාරකයා රිමාන්ඩ් භාරයේ පසු වූ බවද වාර්තා වෙනවා.

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය : සැමියා ගැන පළමු හෝඩුවාව බිරිඳගෙන්

ජනශක්ති සභාපති ඝාතනය : බොරැල්ල කනත්තේ කම්කරුවෙකු සියසින් දුටු දේ පාපොච්චාරණය කරයි