hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූලි 01, ප.ව. 1:32



ශ්‍රී ලංකාවට මේ මොහොතේ ආධාර ලබා නොදෙන බව මෙරට සිටින ජපාන තානාපති මිසුකොෂි හිදෙකි මහතා (Mizukoshi Hideaki) ප්‍රකාශ කර තිබෙනවා.

ආණ්ඩුවට ලබා දෙන ආධාර නිසි ලෙස කළමනාකරණය නොකරන බවත්, එම නිසා මේ අවස්ථාවේදී ලංකාවට ආධාර නොකරන බවත් ජපාන තානාපතිවරයා පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකාවට මේ මොහොතේ මූල්‍ය ආධාර ලබා දුන හොත් ඒවා වැරදි ලෙස කළමනාකරණය වීමේ අවධානමක් පවතින බවද ජපාන තානාපතිවරයා එහිදී සඳහන් කර තිබෙනවා.

පසු අවස්ථාවකදී ඒ පිළිබද සලකා බැලිය හැකි බවද ඒ මහතා සදහන් කර ඇතැයි වාර්තා වනවා.

ඔහු මේ බව පවසා ඇත්තේ යාපනයේදී දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් සමග පැවැති සාකච්ජාවකදී ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: