hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 13, ප.ව. 6:19



ආරක්ෂක නිලධාරීන් අත්දෙක අල්ලාගෙන සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවිර මහතා ඇතුළු පිරිසකගේ ප්‍රහාරයට ලක් වූ පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගතව ඇතැයි බණ්ඩාරගම පොලීසිය පවසනවා.

මෙලෙස රෝහල් ගතව ඇත්තේ ජාතික නිදහස් පෙරමුණේ පානදුර දිග්ගල හිටපු සංවිධායකවරයෙකු මෙන්ම අපේක්ෂකයෙකු වන විශ්වනාත් ද අල්විස් නැමැති 42 දෙදරු පියෙක්. 

පහර කෑ පුද්ගලයා අද සවස් වරුවේදී ජයන්ත සමරවීර මහතාගේ හිටපු පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා සමග බණ්ඩාරගම කඹුරුගොඩ ප්‍රදේශයේ අවමඟුල් නිවසකට පැමිණ තිබූ බව පොලිසිය සඳහන් කළා.

මද වේලාවක දී ජයන්ත සමරවීර සහ පිරිසක් එම අවමඟුල් නිවසට පැමිණ ඇති අතර පහර කෑ පුද්ගලයා ඔහු සමග පැමිණි  හිටපු පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා සමග නිවස කරා යාම සඳහා යතුරුපැදියෙන් පැමිණ ඇතැයි වාර්තා වනවා.

මද වේලාවකදී බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයට පැමිණි ඔවුන් බණ්ඩාරගම දෙසට යාම සඳහා මද දුරක් පැමිණීමේදී සුඛෝපභෝගී ජීප් රථයෙන් පැමිණ තිබූ මන්ත්‍රීවරයා යතුරු පැදිය නවතන ලෙස පවසා ඔහු අසලට පැමිණ ඇති අතර ආරක්ෂක නිලධාරීන් දෙදෙනා අත්දෙක අල්ලාගෙන සිටියදී ජයන්ත සමරවීර සහ තවත් පුද්ගලයන් කීප දෙනකු එක්ව ඔහුට පහර දුන් බවත් එම අවස්ථාවේදී සමරවීර මහතා පා පහරක් ද යටි බඩ ප්‍රදේශයට එල්ල කළ බව ඔහු කරල ද කරන ලද පැමිණිල්ලේ තව දුරටත් සඳහන්.

පැමිණිල්ල සිදු කරමින් සිටිය දී පහර කෑ පුද්ගලයා ක්ලාන්තව බණ්ඩාරගම පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ඇද වැටුණු අතර වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සහ එම පුද්ගලයාගේ හිතවතුන් මූලික ප්‍රතිකාර ලබාදී 1990 සුවසැරිය ගිලන් රථයෙන් බණ්ඩාරගම දිසා රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

පානදුර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී උපාලි මහත්වරුන්ගේ උපදෙස් මත බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් සී රාජපක්ෂ ,සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සී.චාමින්ද මහත්වරු පරීක්ෂණ පවත්වනවා.