hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 මාර්තු 16, ප.ව. 2:05



ජපානයෙන් හොර රහසේ කොටස් ගෙන්වා මෙරටදී එකලස් කරනලද රුපියල් කෝටියක් පමණ වටිනා බිගොන් වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් පොලිස් භාරයට ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය සඳහන් කළා.

පොලිස් භාරයට ගත් ජීප් රථයට කිසිදු ලිපි ලේඛනයක් නොතිබූ බවයි පොලීසිය සඳහන් කළේ.

කුරුණෑගල ප්‍රදේශයේ වාහන අමතර කොටස් අලෙවි කරන ව්‍යාපාරිකයෙකු රේගුවට ද හොර රහසේ වාහන අමතර කොටස් අතර සඟවා රැගෙන එන ලද සුඛෝපභෝගී ජීප් රථයක කොටස් එකලස් කර ජීප් රථයක් සකස්කර ඇති බවට පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායට ලද රහසිගත තොරතුරු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම ජීප් රථය කුරුණෑගල යන්තම්පලාව නිවසක සඟවා තිබියදී සොයාගැනීමට හැකිවූ බව පොලීසිය සඳහන් කළා.

ජීප් රථයේ කොටස් මෙරටට ගෙන්වූ බව කියන ව්‍යාපාරිකයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මීට වසර තුනකට පමණ ඉහතදී ජීප් රථයේ කොටස් ගෙන් වූ බවට අනාවරණය වූ බව විමර්ශන නිලධාරීහු පැවසුවා.

මෙම ජීප් රථය සම්බන්ධයෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, සමූහය රටට මෙම වාහන ගෙන්වන සමාගමෙන් මෙන්ම රේගුව හරහා ද විමර්ශන සිදුකිරීමට අවශ්‍ය පියවර ගන්නා බව පොලීසිය සඳහන් කරනවා.

පොලිස් භාරයට ගත් ජීප් රථය කුරුණෑගල පොලීසිය වෙත භාරදී තිබෙනවා.

පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.