hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 ජූනි 03, ප.ව. 12:04



ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබා දෙන ආධාර බෙදිය යුතු අය පිළිබඳව නිර්ණායකයක් තිබිය යුතු බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ නෙවිල් විජේරත්න මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ පසුගියදා මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙලෙස ඉන්දීය මානුෂීය ආධාර බෙදීම පිළිබඳව තොණ්ඩමන් අමාත්‍යවරයා සෘජුවම බලපෑමක් සිදු කරන බවද ඒ මහතා සඳහන් කරනවා.

රාජ්‍ය නිලධාරීන්, ඉහළ පැලැන්තියේ අය හැර සියලුම දෙනා අද වන විට යාචකයන් බවට පත් වී ඇති බව ද විජේරත්න මහතා පවසනවා.

මෙම අවස්ථාවේ උදව් කිරීම පිලිබඳ ඉන්දීය රජයට ස්තූතිවන්ත වන බවත් නිසි වැඩපිළිවෙලක් සකස් කොට මෙම ආධාර බෙදා හැරීමට කටයුතු නොකරන්නේ නම් තම සංගමය සේවයෙන් ඉවත් වන බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.