hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 02, පෙ.ව. 7:51



රජයේ සේවකයින් විදේශ රැකියා සඳහා යොමුකිරීමේදී අදාළ රටට ගැළපෙන සුදුසුකම සකස්කිරීම පිළිබඳව ප්‍රශ්නයක් පැනනැගී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අපි රාජ්‍ය සේවකයින්ට ලියාපදිංචි වෙන්න කියලා ඉල්ලීමක් කළා තමන්ගේ සුදුසුකම් අනුව. ඒ අනුව පිරිමි පුද්ගලයින් 10,281ක් සහ කාන්තාවන් 8,012ක් විදේශගතවීමේ කැමැත්ත පළකරලා තියෙනවා දැන් මාස දෙකක පමණ කාලයට. නිශ්චිත වශයෙන්ම ලියාපදිංචි වෙලා අපි හරහා විදේශගත වෙච්ච සංඛ්‍යාව 273ක ප්‍රමාණයක් තමයි. මෙතන තියෙන කාරණාව තමයි ඒ අය විදේශගතවෙන්න කැමතියි. විදේශගතවෙන්න වුවමනා කරන ඒ රටට ගැළපෙන සුදුසුකම සකස්කිරීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. මේ අය විදේශගතවෙන්න වෙන්නේ මේ රටේ කළමණාකරන සහකාරවරයෙකුට, මේ රටේ සමෘද්ධි නිලධාරියෙකුට, මේ රටේ ග්‍රාම නිලධාරීවරයෙකුට. ඒ රටේ ගිහිල්ලා මේ රස්සාව කරන්න බෑ කියලා අපි හැමෝම අවබෝධයෙන් දන්නවා. එතකොට ඒ රටට ගිහිල්ලා ඒ රටේ ශ්‍රම වෙළෙඳපොළේ අවශ්‍යතාවයට අනුව රැකියාවක් තමයි තෝරාගන්න ඕන. එතකොට ඒ සඳහා තෝරාගන්න රැකියාවන් අපේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියේ සටහන් වනවා. එතකොට තමන් කැමති එකට තෝරාගෙන ඒ සඳහා අයදුම් කරාම තමයි ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සිද්දකරන්නෙ. එතකොට මෙන්න මේ කර්තව්‍ය ගැන යම් නොදැනුවත්කමක් ඇතිවෙලා තියෙනවා. රාජ්‍ය සේවකයෝ හිතනවා අපි විදේශ රැකියා අමාත්‍යංශය හැටියට රස්සාවල් ටික හොයලා අපි ගෙනත් දෙනවා අතට මෙන්න මේ රස්සාවට යන්න කියලා, ඒ කර්තව්‍ය සිද්ධවෙන්නේ නෑ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: