hit counter

2024 දෙසැම්‍බර් මස 04 වන බදාදා

2024 මැයි 22, පෙ.ව. 12:05



2024 වසරේ ගතවූ මාස 5ක කාලය තුළදී පමණක් ශ්‍රි ලාංකිකයින් 2,679 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එමෙන්ම, ඊයේ (21) දිනයේ UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමි වූ තවත් ශ්‍රි ලාංකිකයින් 150 ක් දකුණු කොරියාව බලා පිටත්ව ගොස් ඇත.

ඒ අතරතරුණියන් 6 දෙනෙකුද ඇතුළත් බව සඳහන් වෙනවා.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලාංකිකයින්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමි වෙනවා.

එම අවබෝධතා ගිවිසුම අනුව 2004 වසරේ සිට අඛණ්ඩව මේ දක්වා ශ්‍රි ලාංකිකයින් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාම ඇරඹිණි.

කෙසේ වෙතත්, මේ වන විට තරුණ ප්‍රජාවට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමට වැඩි උනන්දුවක් ඇති වී තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙනවා. 

 

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: