hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 29, ප.ව. 12:42



ඩෙන්මාර්ක් රාජ්‍යයේ රැකියා අවස්ථා රැසක් සඳහා ඇබෑර්තු පවතින බවට ව්‍යාජ දැන්වීම් මුහුණු පොතේ පළ කරමින් ජනතාව රවටමින් ගෙන යන ජාවාරමක් පිළිබඳ තොරතුරු වාර්තා වි තිබෙනවා.

ඉතාලිය හා සම්බන්ධව මුහුණු පොතේ පළ කෙරෙන පිටුවක මෙම ජාවාරම පිළිබඳව තොරතුරු ඉදිරිපත් කර ඇති බව අනාවරණය වී ඇත.

රෝගීන් රැකබලා ගන්නන්, හෙදියන්, ඇසුරුම් සේවිකාවන්, කර්මාන්ත ශාලා සේවකයන්, ආරක්ෂක නිලධාරීන්, පෙදරේරුවන්, ⁣ඉදිකිරීම් සේවකයන් යන රැකියා සඳහා ඇබෑර්තු පවතින බවට මෙම ව්‍යාජ දැන්වීමෙහි පළ කර ඇති අතර රැකියා සඳහා විදෙස්ගතවීම නොමිලේ බවත් මාසික වැටුප රුපියල් ලක්ෂ තුනක් බවත් එහි සඳහන්ව තිබෙනවා.

කෙසේ වෙතත් එරට වෙසෙන ශ්‍රී ලාංකීය වෛද්‍යවරයකු වන ඉඳුනිල් විජේරත්න පැවසුවේ ඩෙන්මාර්කය වැනි ලොව ඉහළින්ම සංවර්ධිත රටකට රැකියාවක් සඳහා යාම වෘත්තීය සුදුසුකම් ඉහළින්ම සැපිරූවන්ට පවා රැකියා අවස්ථාවන් එහි නොමැති බවය.

රැකියා පිළිබඳව වූ මෙම පළ කිරීම මේ වනවිට විශාල පිරිසක් බලා ඇති අතරම අදාළ රැකියාවන් පිළිබඳව හාරදහසකට වැඩි පිරිසක් තොරතුරු විමසා ඇති බව ද අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කම්කරු සහ විදේශ රැකියා අමත්‍යාංශයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයකු සඳහන් කළේ මෙය සම්පූර්ණයෙන්ම වංචනික ජාවාරමක් වන බවත් ඩෙන්මාර්කය වැනි රටක මෙවැනි රැකියා අවස්ථා කිසිදු අවස්ථාවක මෙරටට ලැබී නැති බවත්ය.

එබැවින් මෙවැනි වංචනිකයන්ට හසුවී තම මුදල් අහිමි කර නොගන්නා ලෙස ද ජනතාවට දැනුම්දී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: