hit counter

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2023 මාර්තු 16, පෙ.ව. 5:32



මැලේසියානු රජයෙන් මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් සඳහා රැකියා අවස්ථා 10,000ක කෝටාවක් හිමිවී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානයක්කාර මහතා පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ මැලේසියානු රජය විසින් පෙර අනුමත කරන ලද රැකියා 10,000ට අමතරව මෙම රැකියා කෝටාව හිමිවී ඇති බවයි.

දෙරටේ රජයන් අතර සිදුවන ගණුදෙනුවක් ලෙස නව රැකියා කෝටාව හිමිවී ඇති බවද අමාත්‍යවරයා පැවසුවා.

ඉදිරියේදී මාසිකව ඩොලර් බිලියනයක විදේශ ප්‍රේෂණ ඉල්කකයක් කරා ගමන් කිරීමට සැලසුම් කර ඇති බව කොළඹ පැවති උත්සවයකදී අමාත්‍ය මනූෂ නානයක්කාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.