hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 26, පෙ.ව. 4:29



ස්වයං මාර්ගයෙන් විදේශ රැකියාවකට යොමුවන ශ්‍රි ලාංකිකයින්ට කාර්යාංශ ලියාපදිංචිය මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීමට අවස්ථාව සලසා දී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තිබෙනවා.

ඒ අනුව විදේශ රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් යොමුවන ශ්‍රි ලාංකිකයින්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පළමු ලියාපදිංචිය හා තමන් විසින් මීට පෙර ලබාගත් ලියාපදිංචිය දීර්ඝ කර ගැනීම සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්කිරීම සඳහා පහසුකම් සලසා දී ඇති බවයි එම කාර්යාංශය සඳහන් කළේ.

මෙහිදී රැකියා අපේක්ෂිත ශ්‍රි ලාංකිකයින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk වෙබ් අඩවියේ ඇති Online Self Registration ඔස්සේ පිවිසීමෙන් අදාල සේවාව ලබාගත හැකි වනවා.

ස්වයං ලියාපදිංචියක දී කාර්යාංශයට ලබාදිය යුතු ලිපි ලේඛනවල නිරවද්‍යභාවය පිළිබඳව පූර්ව තහවුරුවක් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇති බව සඳහන්.

මෙම මාර්ගගත පහසුකම භාවිතා කිරීමෙන් විදේශ රැකියා සඳහා ගුවන්ගතවන දිනයේදී ගුවන් තොටුපොල කාර්යාංශ ඒකකය මගින් ලබාදෙන සේවාවන් ප්‍රමාදයකින් තොරව ලබාගැනීමට ශ්‍රි ලාංකික විගමණිකයින්ට අවස්ථාව සැලසෙන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ.