hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 මැයි 13, පෙ.ව. 1:15



කළුතර ලැගුම්හලක ඉහළ මහලෙන් වැටී දහසය හැවිරිදි පාසල් සිසුවියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ෂණ අංශයෙන් මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා.

එම නිලධාරීන් මියගිය දැරියගේ හා ඇය සමඟ ලැගුම්හලට ගිය දහනම හැවිරිදි දැරියගේ පවුලේ සාමාජිකයින්ගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

ප්‍රධාන සැකකරුගෙන්ද ප්‍රකාශ සටහන් කරගත් බවයි වාර්තා වන්නේ.

පොලිසිය සැක පළ කරන්නේ මියගිය සිසුවිය සිද්ධියේ ප්‍රධාන සැකකරුට රුපියල් විසිදහසක මුදලකට අලෙවි කිරීමට සිසුවිය සමඟ ලැගුම්හලට ගිය තරුණියගේ පෙම්වතා යෝජනා කර ඇති බවයි.

ඒ අනුව ප්‍රධාන සැකකරු එම මුදලින් කොටසක් ඔහු වෙත ලබා දී ඇති බවටත් පොලිසිය සැක කරනවා.

ඒ ඔස්සේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි ප්‍රධාන සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කෙරුණා.

එහිදී විත්තියේ නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ සිසුවියගේ මරණය දිවි නසා ගැනීමක්ද ඝාතනයක් ද යන්න මෙතෙක් නිගමනය වී නොමැති බවයි.

මියගිය දැරියට අවසන් වරට දුරකථන ඇමතුමක් ලබා දුන්නේ කවුරුන්ද යන්න සොයා ගැනීමටද පොලිසිය මෙතෙක් අපොහොසත් වී ඇති බව ඔහු සඳහන් කළා.

සැකකරු හෘද රෝගියෙක් බවත් බන්ධනාගාරය තුළදී විශේෂ ආරක්ෂාවක් සලසන ලෙසත් විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

දැරියගේ පාදයක සහ පියයුරක දත් පහරවල් නිරීක්ෂණය වන බවත් එය සැකකරුගේ දත් පහරවල් ද යන්න පරීක්ෂා සඳහා සැකකරු වෝහාරික කිරීම වෛද්‍යවරයෙකු වෙත පැමිණවීමට අවසර ලබාදෙන ලෙසයි පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඒ අනුව ලබන මැයි දහසය වනදා සැකකරු වෝහාරික වෛද් යවරයෙකු වෙත ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

අනතුරුව සැකකරු ලබන මැයි විසිහය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: