hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 මැයි 14, පෙ.ව. 2:07



කළුතරදී පස්මහල් හෝටල් ගොඩනැගිල්ලකින් බිමට වැටී අභිරහස් අන්දමින් මියගිය 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවට අවසන්වරට දුරකථන ඇමතුමක් ලබාදී ඇත්තේ ඇය එම හෝටලය වෙත කැඳවාගෙන ගිය යෙහෙළිය විසින් බව පොලිසිය සිදු කළ විමර්ශනවලින් හෙළිවී තිබෙනවා.

මෙම දුරකථන ඇමතුම ලැබීමෙන් පසු කෝපයටත් කලබලයටත් පත්වූ ශිෂ්‍යාව හෝටලයේ පස්වන මහලෙන් බිමට පැන ඇති බව පොලිසිය පවසනවා.

19 හැවිරිදි වියේ පසුවන මෙම තරුණිය මේ වනවිට බන්ධනාගාර ගත කර සිටින අතර ඇය නොයෙකුත් විනය විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ තැනැත්තියක් බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

19 හැවිරිදි තරුණිය ඇගේ පෙම්වතා සමග එක්ව විහාරා නමැති මෙම 16 හැවිරිදි දැරිය හෝටලය වෙත කැඳවාගෙන ගොස් තිබෙනවා.

එහිදී මොවුන් දෙදෙනා දැරිය 29 හැවිරිදි ප්‍රධාන සැකකරු වෙත භාරදී පසුව හෝටලයෙන් පිටව ගොස් තිබූ බව ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වුණා.

පොලිසිය සැක පහල කරන්නේ විහාරා දැරිය අමාරුවේ දමා ඇත්තේ මෙම යුවළ විසින් බවයි.

විහාරාගේ ජංගම දුරකථනයට අවසන්වරට ඇමතුම ලබාදුන් අවස්ථාවේ ඇය තෝ මාව කෑවා මාව මරාගත්තානම් මීට වැඩිය හොඳයි, මාව බ්ලැක් මේල් කරන්න එපා යැයි කියමින් පරුෂ වචනයෙන් බැන වැදී ඇත්තේ 19 හැවිරිදි සිය යෙහෙළියට බවට පොලිසිය විශ්වාස කරනවා.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින 19 හැවිරිදි තරුණියගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමට පොලිසිය කටයුතු කර සිටිනවා.

මෙහිදී මියගිය දැරියත් 19 හැවිරිදි යෙහෙළියත් අතර සිදුවූ දුරකථන සංවාදය කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැහැ.

කෙසේ වෙතත් මෙම ඇමතුම සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

දුරකථන විශ්ලේෂණ වාර්තා ලබාගෙන මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යන බව පොලිසිය පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: