hit counter

2025 මාර්තු මස 20 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 08, පෙ.ව. 7:40



සපුගස්කන්ද පිරිපහදුව වසා දැමුණ ද රට තුළ ඉන්ධන හිඟයක් ඇති නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවා.

ඔහු සිය ට්විටර් ගිණුමට සටහනක් එක් කරමිනුයි මේ බව කියා සිටියේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ප්‍රමාණවත් තරම් පිරිපහදු කළ ඉන්ධන තොග ඇති බව ඔහු එම සටහනේ දක්වා තිබෙනවා.

බොරතෙල් මිලදී ගැනීමට විදේශ විනිමය නොමැති වීම හේතුවෙනුයි මෙලෙස පිරිපහදුව වසා දමා ඇත්තේ.

පිරිපහදු කළ ඉන්ධන මිලදී ගැනීම සඳහා අවශ්‍ය විදේශ විනිමය මහබැංකුව විසින් සපයා දෙන අතර, පැවති විදේශ විනිමය යූරල් බොරතෙල් නෞකා දෙකකට ගෙවීම සඳහා වැය කිරීම මෙම තත්ත්වයට හේතු වූ බව ද අදාළ ට්විටර් සටහනේ වැඩිදුරටත් දැක්වෙනවා.