hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 12, පෙ.ව. 6:25



විදුලි බල මණ්ඩලය හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එහි වෘත්තීය සමිති සමග ඇතිකරගෙන ඇති සාමූහික ගිවිසුම් අවලංගු කරන ලෙස විදුල බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඒ අනුව එම ගිවිසුම් අවලංගු කිරීම වෙනුවෙන් වූ ක්‍රියාමාර්ග ආරම්භ කරන ලෙස තමන් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන් බවද අමාත්‍යවරයා පවසනවා.

මෙම සාමූහික ගිවිසුම් අනුව එම ආයතන දෙකේ සේවකයන් වෙනුවෙන් වසර තුනකට සැරයක් වැටුප් වැඩිවිමක්, වාර්ෂික ප්‍රසාද දීමනා, වෙනත් දීමනා හා තවත් ප්‍රතිලාභ ගණනාවක්  ලැබෙන බව අමාත්‍යවරයා කියා සිටියා.