hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 මාර්තු 30, පෙ.ව. 11:19



තෙල් සංස්ථා සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව ගෙනයන බවත්, සේවකයන් බලහත්කාරයෙන් සේවයට යොදවා ගැනීම සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසියට සහ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බවත් ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පැවැසුවා.

වැඩවර්ජනයේ නිරතව සිටින සේවකයන් ආරක්‍ෂක අංශවල මර්දනකාරී ක්‍රියාවලියෙන් බලහත්කාරයෙන් සේවාවල නිරත කර ඇතැයිද රන්වල මහතා කියා සිටියා.

මර්දනකාරී වැඩපිළිවෙළ සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ හමුදාව ද යොදවා ඇතැයි ඔහු සඳහන් කළා.

ලාභ ලබන තෙල් සංස්ථාව පෞද්ගලීකරණය නොකරන ලෙස වෘත්තීය සමිති ඉල්ලා සිටිමින් වැඩවර්ජනය ආරම්භ කළ බව ද රන්වල මහතා වැඩිදුරටත් පැවැසුවා.