hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 11, පෙ.ව. 9:47



‍ඛනිජ තෙල් නිෂ්පාදන බලපත්‍ර ලබාදීමට අදාළ නියෝග ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත යටතේ අදාළ නියෝග නිකුත් කර ඇත්තේ විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින්.

ඒ අනුව බලපත්‍රයක් ප්‍රදානය කිරීමේදී අමාත්‍යංශ ලේකම්වරයා වෙත බලය පැවරෙන කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.

ඛනිජ තෙල් ආනයනය, අපනයනය, මෙරට තුළ විකිණීම, සැපයීම හෝ බෙදාහැරීම සඳහා අයදුම්කරුවෙකු ඉදිරිපත් වන්නේනම් සමාගම් පනත යටතේ ලියාපදිංචි ආයතනයක් වියයුතු අතර ආයෝජන මණ්ඩල නියෝගවලට අනුකූල විය යුතු බව ගැසට් පත්‍රයෙන් දැක්වෙනවා.