hit counter

2026 අගෝස්‍තු මස 04 වන අඟහරුවාදා

2023 මාර්තු 28, ප.ව. 8:10



අත්‍යවශ්‍ය සේවාවලට බාධා කරන ඛනිජ තෙල් සේවකයින් එම සේවයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් එම ආයතන සභාපතිවරයා වෙත දැනුම්දුන් බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබෙනවා.

ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ හෝ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධාකරන වෘත්තීය සමිති නියෝජිතයින්ට හෝ සේවකයින්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසද ඔහු එමගින් දැනුම්දී තිබෙනවා.