hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 11, ප.ව. 2:22



මේ වන විට දිවයින පුරා සියලු පිරවුම්හල්වලට ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග නිකුත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

ඒ අනුව කිසිදු හිඟයකින් තොරව දිවයින පුරා පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගැනීමේ හැකියාව පවතිනවා.

පසුගිය දින 10තුළ පිරවුම්හල් සඳහා ඉන්ධන ඇණවුම් බෙදාහැර ඇති ආකාරය ද අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ ඇතුළත්.