hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 මැයි 21, ප.ව. 9:24



ඉන්ධන ප්‍රවාහන බවුසර් රථවලට ජනතාව විසින් සිදු කරන බලපෑම් අඛණ්ඩව පැවතියහොත් බෙදාහැරීම් කටයුතු අත්හිටුවීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඉන්ධන බෙදාහැරීමේ බවුසර් රථ ඇනවුමට අදාළ නොවන ඉන්ධන පිරවුම්හල් වෙත ගොඩබාන ලෙස ජනතාව විසින් බලපෑම් සිදුකරන බවත් එවැනි ස්ථානවලදී ගොඩබෑම සිදු නොකරන්නේ නම් බවුසර් රථ සඳහා ගිනිතබන බවට ජනතාව විසින් තර්ජනය කිරිමේ සිදුවීම් වාර්තා වන බව අමාත්‍යවරයා සඳහන් කරනවා.

තව ද ඉන්ධනහල් වලට අවශ්‍ය ආරක්ෂාව හෝ ඉන්ධන පිරවුම්හල් වල සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු නොකරහොත් සියලුම ඉන්ධනහල් වසා දැමීමට තීරණය කරන බව ඉන්ධන පිරවුම් හල් හිමියන්ගේ සංගමය තමාට පැවසූ බව බලශක්ති අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව ඉන්ධන පිරවුම්හල් අසල මාර්ගය අවහිර කරමින් හෝ පිරවුම්හල් අසල කලහකාරී ලෙස හැසිරෙන්නේ නම් එවැනි පිරවුම්හල්වලටද ඉන්ධන ප්‍රවාහනය නොකිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසුවා.

මේ අතර අනවසර ලෙස ඉන්ධන ගබඩා කරගනිමින් නැවත විකිණීම සිදු කරන පුද්ගලයින් සොයා හෙට (21) දින දිවයින පුරා විශේෂ වැටලීම් සිදුකරන බව පොලිසිය දැනුම් දී තිබෙනවා.

ඒ අනුව හෙට සිට එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බව පොලිසිය පවසයි.