hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 04, පෙ.ව. 11:19



කැලණිය විහාරස්ථානයට ත්‍යාග කර සිටින කණ්ඩුල (තායිලන්තයේදී ශ්‍රී නරොන්) මේ දිනවල පැවැත්වෙන කතරගම පෙරහරේ කරඬුව වැඩමවීම සඳහා කතරගමට ගෙන ගොස් ඇති අතර කාන්ජනා කුමරිය කණ්ඩුල බැහැ දැකීමට එහි ගොස් තිබුණේ ඉකුත් පළමු වනදායි. 

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වන කාන්ජනා ශිල්පා සිය මුහුණු පොතෙහි සටහනක් තබා තිබෙනවා.

කාන්ජනා ශිල්පා හිටපු තායිලන්ත අග්‍රාමාත්‍යවරයෙකුගේ දියණියක වන අතර එරට වත්මන් සංචාරක අමාත්‍යවරයාගේ සහෝදරිය වෙනවා.

කණ්ඩුල සතුටින් හා නිරෝගීව සිටින බවට ඇය ඇගේ ෆේස්බුක් සටහනක් තබා ඇත්තේ කණ්ඩුල සමග ගත් ඡායාරූප රැසක් ද සමගින්.

කෙසේ වෙතත් කණ්ඩුල හා තායිරාජාද යළි තායිලන්තයට ගෙන එන්නැයි ඉල්ලා සිටීමේ බලවත් රැල්ලක් මේ වනවිට තායිලන්තයේ සාමාන්‍ය ජනතාව අතර ගොඩනැගෙමින් පවතිතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.