hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 අගෝස්‍තු 02, පෙ.ව. 9:45



මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද (02) පස්වරු 06.01ට එළඹෙන සුබ නැකැතින් ආරම්භ වීමට නියමිතයි.

පළමු කුඹල් පෙරහර නිරිත දිසාමුඛව ආරම්භ කර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය හා රජ වීදිය ඔස්සේ ඉහළටවිත් ගෙවැදීමට නියමිතයි.

දින 10ක් තිස්සේ මහනුවර නගරයේ වීදි සංචාරය කරන ඇසළ පෙරහර මංගල්‍යය මේ මස 12 දින දවල් පෙරහරින් අවසන් වීමට නියමිතයි.

මේ අතර මහනුවර නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි සිවු මහා දේවාල අභ්‍යන්තර පෙරහර ඊයේ (01) දින රාත්‍රියෙන් අවසන් වුණා.