2022 අගෝස්තු 07, ප.ව. 1:55
මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද (07) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි.
අද (07) රාත්‍රී 07.44ට යෙදෙන සුබ මොහොතින් වයඹ දිශාව බලා පෙරහර ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
අගෝස්තු 02 දා පළමු කුඹල් පෙරහර වීථි සංචාරය කෙරුණු අතර අවසාන කුඹල් පෙරහර ඊයේ (06) රාත්‍රියේ වීථි සංචාරය කළා.
අවසන් රන්දෝලි පෙරහර අගෝස්තු 11 වැනිදා පැවැත්වීමට නියමිත අතර අනතුරුව 12 වැනිදා දහවල් පෙරහරින් පසු මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍ය අවසන් වීමට නියමිතයි.
පළමු රන්දෝලි පෙරහරේ සජීවී විකාශය ඒෂියන් මිරර් ඔස්සේ බලාපොරොත්තු වන්න.
2026 ජනවාරි 12, ප.ව. 5:48
2026 ජනවාරි 12, ප.ව. 12:46
2026 ජනවාරි 12, ප.ව. 12:31
2026 ජනවාරි 12, ප.ව. 12:15
2026 ජනවාරි 12, පෙ.ව. 11:46