hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2022 ජූනි 15, පෙ.ව. 10:53



ගාල්ල කරාපිටිය ශික්ෂණ හෘද කැතිටකරණ ඒකකයේ ශල්‍යාගාර පහසුකම් ප්‍රමාණවත් නොවිම නිසා රෝගියෙකු ලියාපදිංචි විමෙන් පසු ශල්‍යකර්මය සදහා අවස්ථාව ලබාගැනිමට වසර දෙකක පමණ කාලයක් ගතවන බවට ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වනවා.

මේ වනවිට රෝගින් 3996 සංඛ්‍යාවක් ශල්‍යකර්ම සිදුකරගැනිම සදහා පොරොත්තු ලේඛනයේ සිටින බවද එම වාර්තාවේ සඳහන්.

දකුණු පළාතේ ප්‍රධානතම රෝහල වන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද කැතිටකරණ ඒකකය සදහා දැනට ඇත්තේ එක් ශල්‍යාගාරයක් පමණයි. 

ශල්‍යකර්ම සැත්කම් සදහා දකුණු පළාතට අමතරව කළුතර, ඌවපළාත සහ සබරගමු පළාතේ රෝගීන් ද කරාපිටිය රෝහලට පැමිණිමේ ප්‍රවනතාවයක් ඇති බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

දැනට මෙම ඒකකය සදහා පවතින ශල්‍යාගාර පහසුකම් ප්‍රමාණවත් නොවිම නිසා 2018 වර්ෂයේ සිට සෞඛ්‍ය අමාත්‍යංශය වෙත හෘද කැතිටකරණ ශල්‍යාගාරයක් සදහා යෝජනා ඉදිරිපත්කර තිබුණා.

එහෙත් එම පහසුකම් සැපයිම මේ දක්වා සිදුකොට නොමැති බවද විගණන වාර්තාවේ සදහන්.

මේ පිළිබද ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයකු ඒෂියන් මිරර් කළ විමසුමකදි මෙසේ පැවසුවා.

“ලෝක බැංකු ආධාර යටතේ හෘදකැතිටකරණ ඒකකය සදහා නව ශල්‍යාගාරයක් අනුමත වෙලා තියෙනවා. මේ සදහා අවශ්‍ය උපකරණය මිලදි ගැනිමට මේ වනවිට ටෙන්ඩර් කැදවලා තියෙනවා. ඒම නිසා ඉදිරියේ දි මෙකී ඒකකයට නව ශල්‍යාගාරයක් ලැබෙනවා. කොවිඩි වසංගතය නිසා පසුගිය කාලයේ සැත්කම් සිදුකරණු ලැබුවේ සිමිත සංඛ්‍යාවක් සැත්කම් ප්‍රමාද වුනා. ඒ නිසා තමයි පොරොත්තු ලේඛණයේ මෙතරම් රෝගින් සංඛ්‍යාවක් සිටින්නේ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: