hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 27, පෙ.ව. 10:56



කතරගම මැණික් ගඟේ කිඹුල් ගහනය ශීඝ්‍රයෙන් වැඩිවෙමින් ඇති බැවින් එහි දිය නෑමට බසින බැතිමතුන් දැඩි අවදානමක සිටින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙනවා.

කතරගම අංක 2 පාලම අසලදී මාස දෙකක් තුළ පුද්ගලයන් 4 දෙනෙකු මෙම කිඹුලන්ගේ සපා කෑම හේතුවෙන් බරපතළ තුවාල ලැබු බවද වාර්තා වෙනවා.

මෙයට අමතරව පසුගිය නෙවැම්බර් මාසයේදී සෙල්ල කතරගම කාන්තාවක් කිඹුලකුගේ ගොදුරක් බවට පත්ව තිබෙනවා.

මේ වන විට කතරගම අංක 01, 02, 03 යන පාලම් අසල අඩි 07 පමණ දිග ප්‍රමාණයෙන් කිඹුලන් සැරිසරනු බවද පැවසෙනවා.

⁣කතරගම ඇසළ මංගල්‍යය වෙනුවෙන් සෑම වසරකදී ම වනජීවී නිලධාරීන් විසින් බැතිමතුන් ගැවසෙන ස්ථාන තුළ සිටින කිඹුලන් ඇල්ලීම සිදු කළත් මේ වන විට වසර 7ක් පමණ වන කාලයක් පුරා මෙම කිඹුලන් ඇල්ලීම සිදු නොවීම මත මේ අයුරින් කිඹුලන් වැඩිවීමක් දක්නට තිබෙන බවද වාර්තා වෙනවා.

එළඹෙන වෙසක් උත්සව, පොසොන් උත්සවය සහ කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය එළඹෙන අතර මෙම ජාතික උත්සව සැමරීම වෙනුවෙන් බැතිමතුන් විශාල සංඛ්‍යාවක් පැමිණෙන බැවින් බැතිමතුන්ට අනතුරු ගෙනෙන මෙම දැවැන්ත කිඹුලන් අල්ලා වෙනත් ප්‍රදේශයක් (යාල) වෙත රැගෙන යන ලෙස කතරගම ජනතාව වගකිව යුතු සෑම අංශයකින් ම ඉල්ලා සිටිනවා.