hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 7:33



හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනය කළේ කොටි සංවිධානය නොවන බව හිටපු ගුවන් හමුදා නිලධාරියකු සහ මාධ්‍යවේදියෙකු වන කීර්ති රත්නායක මහතා සඳහන් කළා.

එය ජෙයරාජ් ගම්පහ දේශපාලනය කිරීම තමන්ට තර්ජනයක් වේ යැයි සිතා සිදු කළ බවයි ඔහු අනාවරණය කළේ.

බැසිල් රාජපක්ෂ මහතාට ගම්පහ සංවිධායක ධූරය ලබා දීමට ජෙයරාජ් එරෙහි වූ බවත් ජෙයරාජ් කතෝලික ආගම ද අතහැර බෞද්ධාගම වැළඳ ගෙන අගමැතිකමට ඉව අල්ලමින් සිටි බව ද හෙතෙම හෙළි කළා.

ඔහු මෙම අදහස් පළ කළේ යූටියුබ් නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින්.

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනය කළේ එල්ටීටීඊය නොවන බවත් කරුණා පිල්ලෙයාන් කණ්ඩායම බවත් ඔහු සඳහන් කළා.

සේර අම්මාන් රජයේ සාක්ෂිකාරයෙක් කර නිදහස් කළ බවද කියා සිටියා.

ජේරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනය සම්පූර්ණයෙන්ම එල්ටීටීඊ පිට පැටවීමට සිදුකළ කුමන්ත්‍රණයක් බව ද ඔහු කියා සිටියා.

වසර 13කට පසු පසුගිය 01 වෙනිදා ඇප ලබා නිදහස් වූ කිරුබාකරන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට උත්සාහ කළ බවට චෝදනා කරමින් බදුල්ල මහ අධිකරණයේ නඩු පවරා නැවත රිමාන්ඩ් කර ඇතැයි ද කීර්ති රත්නායක මහතා වැඩිදුරටත් පවසා සිටියා.