hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ඔක්‍තෝබර් 13, පෙ.ව. 8:42



මෙරට මන්දපෝෂණය පසුගිය වසරට සාපේක්ෂව සියයට දෙකකින්  වැඩිවී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පිළිගත්තා.

ඒ කොළඹදී ඊයේ (12) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

රටේ මන්දපෝෂණය තිබුණේ සියයට 12 ක මට්ටමක බවත් එම ප්‍රමාණය සියයට 2 කින් වැඩිවී ඇතැයි පිළිගන්නා බවත්  අමාත්‍යවරයා සඳහන් කළා.

මේ තත්වය තමා පිළිගත්තේ අද ඊයේ නොවන බව පැවසූ රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදීත් මීට සුමානයකට පෙර  එම  තත්වය හෙළි කළ බව සඳහන් කළා.

මන්ද පෝෂණ මට්ටම සියයට 10 දක්වා අඩු කිරීම අපේක්ෂාව බවද ඔහු කියා සිටියා.

ශ්‍රී ලංකාව ආසියාවේ ප්‍රබලව හිටපු ඉලක්කම් වලින් ඉතාමත් හොඳින් හිටපු රටක් හෙයින් පෝෂණ තත්වය තවදුරටත් වැටීම වැලැක්වීමට ප්‍රමුඛත්වයදී කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළා.

මිනිස්සුන්ගේ බඩගින්න දරුවන්ගේ මන්දපෝෂණය ගැබිනි මවුවරුන්ගේ පෝෂණ වේල මේ රටේ නිරෝගී පරම්පරාවක් බිහි කිරීමට යම් බාධාවක් වෙලා තියෙනවා නම් ඒ තත්ත්වය වැළැක්වීමට ඊට වඩා ප්‍රමුඛත්වයක් තමාට නැතැයිද රඹුක්වැල්ල මහතා පැවසුවා.

මන්දපෝෂණය සම්පූර්ණයෙන්ම අවසන් කරන්නේ යැයි පැවසීම සුරංගනා කතාවක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: