2022 අප්‍රේල් 27, ප.ව. 3:57
සති කිහිපයකට පසු හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලට ඊයේ (26) ලද භූමිතෙල් ලිටර් 6600 මිලදී ගැනිමට පාරිභෝගිකයන් දෙදහසකට වැඩි පිරිසක් ඉන්ධන පිරවුම්හල අසල සිට හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රැදි සිටින අයුරු ඒෂියන් මිරර් වාර්තාකරුගේ කැමරාවේ සටහන් වුණා.
හැටන් ප්‍රදේශයේ පවතින උග්‍ර ගෑස් හිඟයත් සමඟ භූමිතෙල් මිල දි ගැනිමට මෙසේ තමන් පෝලිම් වල රැදි සිටින බවයි පාරිභෝගිකයන් කියා සිටියේ.
ඊයේ (26) දින පාසල් නිම විමෙන් පසු ගුරුවරුන්ද භූමිතෙල් මිලදී ගැනීමට පෝලිම් වල රැදි සිටි අතර එක් පාරිභෝගිකයෙකුට භූමිතෙල් රු.500ක නිකුත් කිරිමටයි එම ඉන්ධන පිරවුම්හලේ සේවකයන් පියවර ගෙන ඇත්තේ.
2026 අගෝස්‍තු 04, ප.ව. 5:26
2026 අගෝස්‍තු 04, ප.ව. 4:10
2026 අගෝස්‍තු 04, ප.ව. 3:55
2026 අගෝස්‍තු 04, ප.ව. 3:50
2026 අගෝස්‍තු 04, ප.ව. 3:09