2026 ජූනි 12, ප.ව. 1:21
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු නවීකරණය කරන ලද ප්‍රථම Kfir C12 ප්‍රහාරක යානයේ පරීක්ෂණ පියාසැරිය (11) කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේදී සාර්ථකව සිදුකෙරුණි.
එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) සහභාගී වූ අතර එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ විසින් ආරක්ෂක ලේකම්වරයා පිළිගනු ලැබීය.
වත්මන් රජය යටතේ ජනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම තුළින් ගුවන් හමුදාවේ හැකියාවන් නවතලයකට රැගෙන යාම සහ ජාතික ආරක්ෂක රාමුව (National Security Framework) ශක්තිමත් කිරීම වෙනුවෙන් රජය අඛණ්ඩව ගෙන යන උත්සාහයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මෙම අවස්ථාව පෙන්වා දිය හැක.
Israel Aerospace Industries (IAI) සහ ශ්‍රි ලංකා ගුවන් හමුදාව එක්ව ක්‍රියාත්මක කරන මෙම ඒකාබද්ධ ව්‍යපෘතිය මගින් නවීකරණය කරන ලද Kfir C12 ගුවන් යානය නවීන digital glass cockpit avionics පද්ධතියකින් සමන්විත වන අතර, එමඟින් නියමු කාර්යභාරය සැලකිය යුතු ලෙස පහසු කර මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නංවා ඇත.
එයට අමතරව වැඩි දියුණු කළ සංවේදක සහ multi-mode radar හැකියාවන් මඟින් ඉලක්ක හඳුනා ගැනීම සහ තත්ත්ව දැනුවත්භාවය (Situational Awareness) වැඩි දියුණු කර ඇත.
මෙමඟින්, මෙහෙයුම් වලදී ගුවනේ රැඳී සිටින කාලය සහ ප්‍රහාර එල්ල කිරීමේ කාර්යක්ෂමතාව සැලකිය යුතු ලෙස ඉහළ නංවා ඇති අතර ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ භූමියෙහි අඛණ්ඩතාව සුරකිමින්, ඇතිවන සියලු ආරක්ෂක අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා මෙරට ආරක්ෂක අංශ සතු හැකියාවන් වැඩි දියුණු කිරීමද මෙහි තවත් අරමුණක් වනු ඇත.
මෙම ව්‍යාපෘතිය තුළින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ Israel Aerospace Industries ආයතනය අතර පවතින ශක්තිමත් සහයෝගීතාව මත අලුත්වැඩියා කරන ලද මෙම ගුවන් යානා වර්තමාන සහ අනාගත මෙහෙයුම් සඳහා වඩාත් ඵලදායී ලෙස යොදා ගැනීමටත්, ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමටත් සුවිශේෂී දායකත්වයක් සපයනු ඇත.
මෙම ප්‍රහාරක යානා 1996 වසරේදී සේවයට ඇතුළත් කළ දින සිට මෙරට ගුවන් ආරක්‍ෂක පද්ධතියේ ප්‍රධානතම අංගයක් ලෙස පැවති අතර, නවීකරණය කරන ලද මෙම Kfir C12 ගුවන් යානා, precision weapon integration සහ advanced weapons management systems මඟින් ගුවනේ සිට ගුවනට (air-to-air) සහ ගුවනේ සිට ගොඩබිමට (air-to-ground) මෙහෙයුම් දියත් කිරීමේ හැකියාවන් සැලකිය යුතු ලෙස වැඩි දියුණු කර ඇත.
මෙම නවීකරණය හේතුවෙන් Kfir C12 යානය අනාගත මෙහෙයුම් අවශ්‍යතා සඳහා සාර්ථකව මුහුණ දිය හැකි බහුකාය (Multi Role) යානයක් ලෙස පරිවර්තනය වී ඇත.
2026 ජූනි 12, ප.ව. 2:29
2026 ජූනි 12, පෙ.ව. 11:27
2026 ජූනි 12, පෙ.ව. 11:25
2026 ජූනි 12, පෙ.ව. 10:28
2026 ජූනි 12, පෙ.ව. 10:07