hit counter

2026 ජූනි මස 13 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 15, පෙ.ව. 9:37



කොල්ලුපිටිය ගාලු පාරෙදි සුඛෝපභෝගී මෝටර් රථයක් ගැටීමෙන් තීරෝද රතයක රියදුරු මිය යාමෙන් අනතුරුව එම මෝටර් රථයේ පැමිණි කාන්තාවකට අමානුෂික ලෙස මහ මඟ දමා ගෙන පහර දුන් බව කියන ප්‍රධාන සැකකාරිය පාණදුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවා.

ඉකුත් 10 වැනි දින සිදු වූ අනතුරින් මිය ගොස් ගොස් තිබුණේ කහතුඩුව පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

පහරදීමේ සිද්ධියට සම්බන්ධ පෞද්ගලික සනීපාරක්ෂක සේවාවක කාන්තා කොල්ලුපිටිය පොලිසිය කාන්තාවන්  දෙදෙනෙක් ඉකුත් 10 වැනි දින අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් භාරයට පත්කර ඇතැයි  මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ප්‍රධාන සැකකාරියක් සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් දැනුම් දෙන ලෙස නිවේදනයක් ද නිකුත් කර තිබුණා.