hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 25, ප.ව. 1:47



බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශ ගොඩනැගිල්ලට අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය නියෝජනය කරන ශිෂ්‍ය භිෂූන් වහන්සේලා බලහත්කාරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් අදහස් පළ කළා.

හෝමාගම පනාගොඩ යුද හමුදා බෝධිරාජාරාමයේ පැවති සමස්ත ලංකා පිරිවෙන් කෘත්‍යාධිකාරි සහ පරිවේණාධිපති සම්මේලනයේ දී අදහස් දක්වමින් ඒ හිමියන් කියා සිටියේ,

“ඊයේ අපි දැක්කා භික්ෂුවකගේ සිවුර ගැලවෙනවා. සිවුර දාලා දිව්වා. ඒ භික්ෂුවට තිබුණා නම් ශ්‍රද්ධාවක්, මහණ වෙච්ච දවසේ ඉඳන් මම ඉදිරියට ආවේ සිවුරේ පිහිටෙන් කියලා හිතුනා නම් මේ සිවුර දාලා යන්නේ නැහැ.”යනුවෙනුයි.