hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූනි 19, පෙ.ව. 1:16



කුරුන්දි පුරාවිද්‍යා භූමියේ ස්ථාන 3 කට අයත් අක්කර ගණනාවක් වූ භූමිය එම ප්‍රදේශයේ පිරිසක් ඩෝසර් කර එළිපෙහෙළි කර ඇති බවට තොරතුරු මේ වන විට අනාවරණ වී තිබෙනවා.

කුරුන්දි සෑය සහ පිළිම ගේ ආශ්‍රිතව කැනීම් කටයුතු සිදුකර ඇති තිබුණත් පුදබිමේ පිහිටි බෝධි ගර්භය සහ ජලය සිඳීගිය පොකුණ යන ස්ථානවල කැනීම් කටයුතු සිදුකිරීමට මෙතෙක් හැකියාව ලැබී නැහැ.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු මුලතිව් කුරුන්දි විහාරයේ විහාරාධිපති, පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි හිමි මෙසේ සඳහන් කළා.

“අපි දැක්කා ජනාධිපතිතුමාගෙන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ඉල්ලා සිටියා අවුරුදු 100 ගණනක් වගාකළ අක්කර 5ක ඉඩම් කුරුන්දි විහාරයේ කුරුන්දි පුරා විද්‍යා රක්ෂිතයට ඇතුළත් කළා කියලා. ඒ රක්ෂිතය මැනගෙන යනකොට අක්කර 229 කොටස් 3ක් හමු වෙනවා සුද්ද පවිත්‍ර කරපු භූමින්. ඇත්තටම මේ භූමිය අවුරුදු 100 ගණනක් වගා කළේ නෑ. 2018 – 2019 කාලවල තමා මේ සම්පූර්ණයෙන්ම නාගචෝල රක්ෂිතය කපලා මේ ස්ථානය මේ විදියට නිර්මාණය කළේ. එතකොට මේ නිර්මාණය කිරීමේ දී වරදවල් දෙකක් මේ අය කරලා තියෙනවා. එකක් තමා සම්පුර්ණයෙන්ම නාගචෝල රක්ෂිතය වටිනා දැව ශාක කළුමැදිරිය, වීර, කළුවර වගේ ගස් තිබුණා. ඒ සියල්ල මේ අය ගිනි තියලා විනාශ කළා. ඉන් අනතුරුව මේ භූමියේ පුරාවිද්‍යා ස්ථාන ඔක්කෝම බැකෝ යන්ත්‍ර මාර්ගයෙන් ඩෝසර් කරලා. අර වැටියට හේත්තු කරලා තියෙනවා. මේ වන විනාශය සිදුවෙන කොට 2020 අග භාගයේ දී කුරුන්දිය සංරක්ෂණය කරන වැඩපිළිවෙලට එද්දි මෙතැනට රාජ්‍ය ආයතන නිලධාරින් පැමිණියා. වන සංරක්ෂණ නිලධාරීන්ට මේ ප්‍රදේශයේ වෙන වන හානිය තේරුණා. ඊට පස්සේ ඒය තහනම් කරනවා වගා කටයුතු කරන්න එපා කියලා…”

“නාගචෝල රක්ෂිතය ගැසට් වෙන්නේ 1932.07.15 වෙනිදා. හෙක්ටයාර් 6,832 කින් යුක්තව. අද වෙද්දි හෙක්ටයාර් 5,500ක් විතර තියෙන්නේ. ඒ කියන්නේ හෙක්ටයාර් 1200ක් විතර හෙළිපෙහෙළි කරලා. විල්පත්තු වන විනාශයට වඩා මේ ප්‍රදේශයේ වෙලා තියෙනවා. මේ සියලු ක්‍රියාදාමයන් පිටුපස්සේ ඉන්නේ ශෂි කියලා පුද්ගලයෙක් මේ අවට කිට්ටුව ඉන්නේ. ඔහු තමා පෙරමුණ අරගෙන ඉන්නේ. ඔහු තමා කුරුන්දන් කුලම කියන පරණ පොකුණ පුරාවිද්‍යා, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව විශාල වැවක් බවට පත් කරලා එතන විශාල පුරාවිද්‍යා හානියක් කළා. ඒවටවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගත්තේ නෑ. ඔහු දේශපාලනඥයෙක් නෙමේ නමුත් දේශපාලනඥයින් සමග සෘජු සබඳතා පවත්වනවා. මුල් කාලයේ ඔහු අපිත් සමග බොහෝම සමගියෙන් කටයුතු කළා. පසු පසුව තමා මේ ද්‍රවිඩ දේශපාලන නායකයින් උසි ගැන්නුවේ.”