hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 10:19



පාසල නිම නිමකර නිවසට යන අතර මග බෝක්කුවක සිර වී කුරුණෑගල දී 14 හැවිරිදි පාසල් සිසුවෙකු මිය ගියා.

කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයේ නවවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සජිත ගුණරත්න මේ අවාසනාවන්ත අනතුරට ලක් වුණේ පාසල නිමවා නිවසට එන අතරතුර.වෑන් රථයකට මාර්ගයේ ඉඩ දී පාරෙන් අයින් වූ සජිත බෝක්කුවට ඇද වැටී තිබෙනවා.

සජිත බේරා ගැනීමට උපරිම වෙහෙස දැරුවත් ඒත් සාර්ථක වුණේ නැහැ.

පැය එකහමාරකට පමණ පසු බෝක්කුවෙන් ඉවතට ගත් සජිත කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කලත් ජීවිතය බේරා ගැනීමට නොහැකි වුණා.

කුරුණෑගල වැහැර පදිංචි සජිත ගුණරත්න වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙකු සිටින පවුලේ බාලයා.

අනතුර සිදු වූ ස්ථානය කුරුණෑගල පොලිස් නිලධාරීන් පරික්ෂා කළා.

ගම්වැසියන් එහිදී පැවසුවේ වැසි දිනවලදී රැස්වන ජලය ගලා යාමට එම බෝක්කුව ප්‍රමාණවත් නොමැති බවයි.

ප්‍රදේශවාසීන් පැවසුවේ පාසැල් දෙකක දරුවන් යන එන වැහැර කන්ද උඩවත්ත මාර්ගයේ මෙවැනි අවදානම් ස්ථාන කිහිපයක්ම ඇති බවයි.

කුරුණෑගල මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ද පැමිණ මෙම ස්ථාන පරීක්ෂා කර තිබෙනවා.

අඩුම තරමේ කුරුණෑගල නගරයේ මැද තිබුණු බුවනෙකබා රාජ සභාව කඩන්න නැතිනම් නගර උද්‍යානයේ තිබුණු ගස් ටික කපන්න තිබුණු හදිස්සියවත් ප්‍රාදේශීය පාලකයින්ට මේ බෝක්කුව හදන්න තිබුණා නම් අද සජිතට මෙවන් අනතුරක් නොවෙන්න ඉඩ තිබුණා.