hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 05, ප.ව. 7:44



අධික වර්ෂාවත් සමඟ ජලය පිරී තිබූ අනාරක්ෂිත කාණුවකට ඇදවැටී එහි සිරවූ පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුරුණෑගල මලියදේව ආදර්ශ මහා විද්‍යාලයේ නවය ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි කුරුණෑගල ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යයෙක්.

ඔහු තමන් පදිංචි නිවස ආසන්නයේදීම මෙම අනතුරට ලක්වී තිබෙනවා.

පාසල නිම වීමෙන් අනතුරුව නිවසට යාම සඳහා පාසලේ සිට ජයන්තිපුර ප්‍රදේශයට පිවිසෙන අතුරු මාර්ගයක ගමන් කරමින් සිටියදී ඔහු මෙම අනතුරට මුහුණපා ඇති බව පොලීසිය කියයි.

කුරුණෑගල බණ්ඩාරනායක විදුහලේ සිට සිසුන් ප්‍රවාහනය කරන වෑන් රථයකට ඉඩ දීම සඳහා මාර්ගය අයිනට වීමේදී ලිස්සා ගොස් ඔහු ඇල මාර්ගයට ඇද වැටී ඇති බව වාර්තා වෙනවා.

ජල මාර්ගයේ ගසාගෙන ගොස් ඔහු කාණුව තුළ සිරවී තිබෙනවා.

ප්‍රදේශවාසීන් සහ යුද හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව කාණුවේ සිරවී සිටි දරුවා මුදාගෙන කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ දරුවා අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.