hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මාර්තු 09, පෙ.ව. 5:25



කාන්තාවන්ට එරෙහි බල අපරාධ සිද්ධි 567ක් 2021 වසරේ වාර්තා වී ඇති අතර ඉන් 79ක් කාන්තා ඝාතන බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති වාර්තාවක සඳහන් වෙනවා.

කාන්තාවන්ට එරෙහිව වාර්තා වී ඇති බල අපරාධ සිද්ධීන් අතුරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ස්ත්‍රී දූෂණ, බරපතළ තුවාල සිදුකිරීම් සහ මිනීමැරුම් බව ද විගණන වාර්තාවේ සඳහන් වෙනවා.

ඒ අනුව එම වර්ෂය තුළ ස්ත්‍රී දූෂණ 186ක් සහ බරපතළ තුවාල සිදුකිරීම් 194ක් වාර්තා වී තිබෙනවා.

එම වසරේ කාන්තාවන්ට එරෙහිව වාර්තා වී ඇති බල අපරාධ සිද්ධීන් 567 අතුරින් වර්ෂය අවසන් වනවිට සිද්ධීන් 355කට අදාළ විමර්ශන කටයුතු අවසන්ව නොතිබුණු බව ද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

කාන්තාවන්ට එරෙහි බල අපරාධ සිද්ධි සම්බන්ධ විමර්ශන කඩිනමින් අවසන් කිරීමට කටයුතු කළ යුතු බව ද විගණනය මගින් නිර්දේශ කොට තිබෙනවා.

ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධව නිකුත් කොට ඇති 2021 වර්ෂයට අදාළ විගණන වාර්තාවේ මෙම තොරතුරු සඳහන් වෙනවා.