hit counter

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2022 ජූනි 04, ප.ව. 4:28



කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් අතර සිදුකළ නියැලී පරීක්ෂණයකදී ඉන් 20%ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බව අනාවරණය වී තිබෙන බව එම රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ඒ බව සඳහන් කළා.

ඊට ප්‍රධාන හේතුව ළමුන්ට අවශ්‍ය ප්‍රධාන පෝෂක ලැබීමේ අඩුවක් බවද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නා.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් 53 දෙනෙකු අපි පරික්ෂා කළා. ඉන් සියයට විස්සකට මන්දපෝෂණ තත්ත්වය නිරීක්ෂණය වුණා. ඉන් හරි අඩකගේ තත්ත්වය බරපතලයි. අපිට මේක කරන්න හිතුණේ පසුගිය කාලේ අපි නිරීක්ෂණය කරපු යම් යම් කරුණු නිසා. මෙතනදී අපේ දරුවන්ට අවශ්‍ය ප්‍රධාන පෝෂකය වන කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ සහ ඛණිජ, විටමින් ලැබිමේ අඩුව. චීස්, බටර් වගේ දේවල් වලට වැඩිය දියර කිරි, බිත්තර, බත්, කොල මැල්ලුම් ආහාරයට එක් කරන්න. කහපාට එළවළු ලබාදෙන්න. ගැබිනි මව්වරුන් ද තමන්ගේ පෝෂණය ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ.”