hit counter

2025 අගෝස්‍තු මස 07 වන බ්‍රහස්පතින්දා

2025 අගෝස්‍තු 08, පෙ.ව. 12:18



ජනවසම ආයතනයට (ජාතික වැවිලි කළමනාකරණ සේවා මණ්ඩලය) අයත් ඌන උපයෝජිත තේ සහ රබර් ඉඩම් බදු දීමට පියවර ගන්නා බව වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කර තිබෙනවා.

ඒ අනුව මන්ත්‍රීවරයෙකු අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙම වැඩසටහන යටතේ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට ඒ සඳහා ඉල්ලුම් කළ හැකි බව අමාත්‍යවරයා සඳහන් කළා.

කෙසේ වුවද ජනවසම පිහිටුවා ඇත්තේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ වැවිලි කර්මාන්තය කළමනාකරණය කිරීම, සංවර්ධනය කිරීම සහ එහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම වෙනුවෙන්.

එමෙන්ම මෙම ආයතනය රජයට අයත් වැවිලි සමාගම් සහ තේ, රබර්, පොල් ඇතුළු විවිධ වගාවන්හි දේපළ කළමනාකරණය කිරීම සිදු කරයි.

තවද ඉඩම් උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීම, ඵලදායිතාව ඉහළ නැංවීම සහ කර්මාන්තයේ තිරසාරභාවය සහතික කිරීම එහි ප්‍රධාන කාර්යයන් අතර වන බව සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: