hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 29, ප.ව. 3:08



අමාත්‍යවරයෙකු අම්පාර දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ඉඩම් සිය හිතවතුන්ට නීති විරෝධී ආකාරයට බෙදා දෙමින් සිටින්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධයක් එල්ල වී ඇතැයි වාර්තා වෙනවා.

ඔහු අම්පාර දෙහියත්තකන්ඩිය දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ඉඩම් කට්ටි ගණනාවක් වෙනත් ප්‍රදේශවල සිය හිතවතුන්ට බෙදා දී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරනවා.

අමාත්‍යවරයාගේ මේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ජනතාව ආණ්ඩුවේ ප්‍රධානීන්ට ද පැමිණිලි කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ ද බරපතළ සාකච්ඡා මේ වනවිට ඇති වී තිබෙන බව ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

ඇතැමුන් ජනාධිපතිවරයාට ද මේ පිළිබඳව පැමිණිලි කර ඇති බව ද බවද වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: