2022 අගෝස්‍තු 01, ප.ව. 2:06
මුහුදු මාර්ගය ඔස්සේ ප්‍රංශයට පලා යාම සදහා සූදානමින් සිටි 47 දෙනෙකුව පොලීසිය සහ නාවුක හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.
වෙන්නප්පුව – කොලින්ජාඩිය ප්‍රදේශයේදී 39 දෙනෙකුව මුලින්ම අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් ලද තොරතුරක් අනුව තවත් 08 දෙනෙකුව බස් රථයකින් ගමන් කරමින් සිටින අතරතුර අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර පිරිමි පුද්ගලයින් 38ක්, කාන්තාවන් 06ක් සහ කුඩා දරුවන් 03ක් වන බව පොලීසිය සඳහන් කළා.
ඔවුන් මඩකලපුව, හලාවත, මාරවිල, ත්‍රිකුණාමලය, වව්නියාව ඇතුළු විවිධ ප්‍රදේශ වල පදිංචිකරුවන් බවට හදුනා ගෙන තිබෙනවා.
මෙම ජාවාරම සිදු කර ඇති බව කියන ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණ සිදු කරන බව පොලීසිය පවසයි.
හලාවත – ජූඩ් සමන්ත
2026 ජනවාරි 24, ප.ව. 7:44
2026 ජනවාරි 24, ප.ව. 7:41
2026 ජනවාරි 24, ප.ව. 7:07
2026 ජනවාරි 24, ප.ව. 1:55
2026 ජනවාරි 24, ප.ව. 1:52