hit counter

2026 ජූලි මස 10 වන සිකුරාදා

2026 ජූලි 11, පෙ.ව. 12:27



නිසි ප්‍රමිතියෙන් තොර LED බල්බ් ආනයනය, ගබඩා කිරීම හා අලෙවිය තහනම් කර ඇති බවත් ඒවා අලෙවි කරනු ලබන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සඳහන් කර තිබේ.

LED බල්බ් අසුරන කවරය, දවටනය හෝ පෙට්ටිය මත අවම බලශක්ති කාර්ය සාධන ලේබලය ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කර ඇත.

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සඳහන් කරන්නේ මේ වන විට රට පුරා විවිධ පුද්ගලයන් ප්‍රමිතිය රහිත LED බල්බ් අලෙවි කරන බවට පැමිණිලි ලැබී ඇති බවත් එවැනි ස්ථාන වැටලීමටත් එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

 2020 මැයි 28 දින අංක 2177/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයට අනුව මෙම පියවර ගැනීමට නියමිතව තිබේ.

ඒ අනුව LED බල්බ්වල (වොට් 60ට හෝ ඊට අඩු) අවම බලශක්තිය ලේබලය අලවා නොමැති බල්බ් අලෙවිය සපුරා තහනම් බවද එම අධිකාරිය අවධාරණය කර තිබේ එවැනි බල්බ් මිලදී ගැනීමෙන් වළකින ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: