2023 අප්‍රේල් 22, පෙ.ව. 10:21
යෝජිත ත්‍රස්ත විරෝධී පනත තුළින් සමාජයේ නව අර්බුදය මතුවිය හැකි බැවින් මේ පිළිබඳ සංවාදයක් ඇතිකර විශේෂඥ මණ්ඩලයක් හරහා එය යළි සකස් කරන ලෙස ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවමින් දැනුම්දී තිබෙනවා.
මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බොටුවාවේ සුමංගල, අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ඤාණරතන, අමරපුර මහා නිකායේ මහානායක දොඩම්පහල චන්ද්‍රසිරි සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක මකුලෑවේ විමල යන මහ නාහිමිවරුන්ගේ අත්සනින් යුතුව මෙම ලිපිය යවා තිබෙනවා.
එම ලිපියට අනුව යෝජිත ත්‍රස්ත විරෝධී නව පනත් කෙටුම්පත මගින් සාමකාමී විරෝධතා දැක්වීම, රජයේ අඩුපාඩු පෙන්වාදීම වැනි ඕනෑම ක්‍රියාවක් ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස අර්ථ ගැන්විය හැකියි.
මෙය ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බරපතල සැක සංකා මතු කිරීමට ද හේතු විය හැකි බව ද එම ලිපියේ දැක්වෙනවා.
රටවැසියා සතු ප්‍රකාශ කිරීමේ අයිතිය හා සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය අහෝසි වීම හේතුවෙන් රට තුළ විරෝධයක් මතුවිය හැකි බව ද එබැවින් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් වෙනුවට අහිතකර වාරණ ක්‍රමවේද මගින් රාජ්‍ය පාලනය සමාජය තුළ නව අර්බුද ඇතිකිරීමට හේතු විය හැකි බව ද මහනාහිමිවරු සිය ලිපිය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

2026 අප්‍රේල් 27, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:09
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:03