hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 21, ප.ව. 12:35



තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ විධිවිධාන අනුව එම තොරතුරුවල පිටපතක් ලබාදීමට රු. 20ක මුදලක් ගෙවන ලෙසට තමන්ට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය විසින් රජයේ මුද්දර ගාස්තු රු. 110ක් වැය කරමින් තමන්ට ලිපියක් ඒවා ඇති බව ගම්පොළ, ‍ෙදාළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ආර්.එස්. මැදවෙල මහතා පැවැසුවා.

තමන් හැටන් – දික්ඔය නගර සභාවේ සේවය කළ කාලය තුළ 2020 වසරේ  එම නගර සභාවේ සිදු වූවේ යැයි කියන රු. ලක්ෂ 98ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් පළාත් විගණන අධ්‍යක්ෂ විසින් සිදුකළ විගණන වාර්තාවේ පිටපතක් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයෙන් තොරතුරු දැනගැනීමේ පනත අනුව ඉල්ලීමක් කළ බවත් එම ඉල්ලීම අනුව එම විගණන වාර්තාවේ පිටපතක් ලබාදීමට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය විසින් 2023.03.31 දින අංක CPC/CS/1/3/6/1-2022 දරන ලිපිය මඟින් රු. 20ක් තම කාර්යාලය වෙත ගෙවන ලෙස රු. 110ක මුද්දර ගාස්තුවක් වැය කරමින් තමන් වෙත ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් ඒවා ඇති බව මැදවෙල මහතා කියා සිටියා.

රු. 20ක මුදලක් තම කාර්යාලයට අය කර ගැනීමට රු. 110ක් වැය කිරීම තුළින් රජයට රු. 90ක පාඩුවක් සිදු වී ඇති බවත්, මේ පරිපාලනයේ ඇති දුර්වලතාවක් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.