hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 28, ප.ව. 12:51



හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අමෙරිකාවට ඇතුළු වීම වළක්වා ලමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තීරණය පිළිගත නොහැකි බව මෙරට රුසියානු තානාපති Leven S Dzhagaryan ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගාරියාන් මහතා කොළඹ පිහිටි සිය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් මෙලෙස සිය අප්‍රසාදය පළකර තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා,

”අමෙරිකාව ලෝකයේ බොහෝ රටවල ඇති ප්‍රශ්නවලට මැදිහත් වෙමින් සිටිනවා. මට දැනගන්න ලැබුණා ඔබගේ රටේ නාවික හමුදා නිලධාරියකුට මානව හිමිකම් කඩ කළ බව ප්‍රකාශ කරමින් ඔවුන් සම්බාධක පනවා තිබෙන බව. ඔහු වයඹ පළාත් ආණ්ඩුකාරවයා. අපි බටහිර රටවල සිදු වී තිබෙන මානව හිමිකම් සම්බන්ධයෙනුත් කතා කළ යුතුයි. ඔවුන් විවිධ රටවල අභ්‍යන්තර ප්‍රශ්න වලට මැදිහත්වීම පිළිගත නොහැකියි. ඉංග්‍රීසි වැකියක් තිබෙනවා ඔබගේ නිවෙස සාදා ඇත්තේ වීදුරුවලින් නම් අනෙක් ඒවාට ගල් ගහන්න එපා කියලා.”