hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 මාර්තු 14, පෙ.ව. 11:43



ඇමරිකා එක්සත් ජනපදය සහ එහි වැසියන් වෙනුවෙන් සිදුකරන ලද ආගමික හා සමාජීය සේවාව ඇගයීමට ලක්කර, උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේට, ඇමරිකානු ජනාධිපති ජෝ බයින්ඩ් මහතා විසින් 2022 වසරේ ” LIEFTIME ACHIEVEMENT AWARD ” ගෞරව සම්මානය ප්‍රදානය කර තිබෙනවා.

මීට අදාළ සම්මාන ප්‍රදානය පසුගියදා මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ දී සිදුකෙරුණා.

ඇමරිකානු ජනාධිපති වරයා විසින් ජීවිතේ එක් වතාවක් පමණක් ප්‍රදානය කරන මෙම සම්මානය ලබා ගත් පළමු ශ්‍රී ලාකික බෞද්ධ හිමිනම වන්නේ ද පූජ්‍ය කටුගස්තොට උපරතන හිමියන්. ( LIFETIME ACHIEVEMENT AWARD )

එම සම්මානය ඉංදු – ඇමරිකානු ව්‍යවසාක කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරි එලීශා පුලිවර්ට් ( ELISHA PULIVART) මහතා විසින් උපරතන හිමිපාණන් වෙත පිළිගන්වනු ලැබුවා.

වොෂින්ටන් සරසවියේ බෞද්ධ දර්ශනය සහ භාවනාව පිළිබඳ උපදේශක මෙන්ම, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ හිටපු සිංහල භාෂාව හා සංස්කෘතිය පිළිබඳ උපදේශක වරයෙකද වන පූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේ ථෙරවාදී බුදු දහම ලෝකය පුරා ප්‍රචලිත කිරීම වෙනුවෙන් කටයුතු කරමින් සිටින අතර ඉන් ඔබ්බට ගොස් සියළු ආගමික ඇදහිලි වලට ගරු කරමින්, වත්මන් භික්ෂූ පරපුර ටද පරමාදර්ශී චරිතයක් ලෙස කටයුතු කරන තෙරනමකි.

2021 වසරේ ජාත්‍යන්තර වෙසක් දිනය ධවල මන්දිරයේ පැවැත්වීම සඳහා ආරාධනා හිමිවුයේ ද උපරතන හිමිපාණන් වහන්සේ වෙතය.

ජෝ බයින්ඩ් මහතා ලබා දුන් ( LIFETIME ACHIEVEMENT AWARD ) ගෞරව සම්මානයේ මෙසේ සනිටුහන් කර තිබේ.

” ඇමරිකානු කතාව රඳා පවතින්නේ අපෙන් කිසිවෙකු මත හෝ, අපගෙන් සමහරෙකු මත හෝ නොවේ. මහජන යහපතට දායක වීම ගැන මම ඔබට සුබ පතන අතර, ඔබ මේ ශ්‍රේෂ්ඨ ජාතියට කළ සේවය අගයමින් ඇමරිකානු ජනාධිපතිවරයකු ගේ, ජීවිත කාලය පුරාවටම ප්‍රදානය කෙරෙන මෙම සම්මානය ඔබට පිරිනැමීමට ලැබීම ගැන මම ආඩම්බර වෙමි.

ප්‍රජාවට සහ රටට සේවය කිරීමට සහ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීම වෙනුවෙන් අඛණ්ඩ කැප කිරීමක් අත්‍යවශ්‍යය. ඔබේ කාලය සහ අදහස් බෙදාගැනීමෙන්, ඔබ අප මුහුණ දෙන අභියෝගවලට විසඳුම් සොයා ගැනීමට උපකාරි වෙයි, අන් කවරදාටත් වඩා දැන් අපට අවශ්‍ය වී ඇත්තේ විසඳුම්ය.

ඇමරිකානු ජනතාව ගේ යහපැවැත්ම වෙනුවෙන්, ඔබගේ නායකත්වය හා කැප කිරීම වෙනුවෙන් මගේ හෘදයාංගම කෘතඥතාව පුද කරන අතර, ඔබ ගේ සේවය තුළ ඕනෑ ම අවස්ථාවකදී ඔබ වෙනුවෙන් පිළිතුරු දීමට කැප වී සිටිමි, ඒ සඳහා ඔබව දිරිමත් කරමි. ඇමරිකාව සහ එහි වසන ජනතාව ඔබ ඉමහත් ආඩම්බරයෙන් අගය කරාවි, පිළිගනීවි ”