hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 07, ප.ව. 2:32



ගාල්ල ජුල්ගහ ප්‍රදේශයේ පිහිටි හෝටලයක කෑම වර්ග ඉහළ පහළ රැගෙන යන විදුලි සෝපානයක් අලුත්වැඩියා කරමින් සිටි විදුලි කාර්මිකයෙකු එම සෝපානය කඩාවැටි හෝටලයේ සිව්වන මහලින් ඇදවැටීමෙන් බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇති බව කරාපිටිය රෝහලේ දි පැවති හදිසි මරණ පරික්ෂණයේ දි අනාවරණය වී තිබෙනවා.

මියගොස් ඇත්තේ මැලවතන්ත්‍රිගේ කපිල ජයශන්ත නැමති ගාල්ල එලියට්පාරේ පදිංචි දෙදරු පියෙක්.

මියගිය අයගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂක මහේෂ් ධර්මරත්න මහතා විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ දි අද (07) සිදු කරනු ලැබුවා.

කාර්මික දෝෂයකට ලක්ව තිබු මෙම විදුලි සෝපානය අලුත්වැඩියා කිරිම සදහා  මොහු ඊයේ (06) හෝටලයට පැමිණ තිබෙනවා.

හෝටලයේ හතරවැනි තට්ටුවට නැග මොහු විදුලි සෝපානය අලුත්වැඩියා කරමින් සිටියදී විදුලි සෝපානය කඩා වැටී සෝපානයත් සමඟ බිමට ඇදවැටි තිබෙනවා.

මියගිය විදුලි කාර්මිකයාගේ පශ්චාත් මරණ පරික්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවිර මහතා විසින් සිදු කරනු ලැබුවා.

ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත්මරණ පරික්ෂකවරයා සෝපානයෙන් ඇදවැටීමෙන් උදරයට හා හිසට වූ තුවාල නිසා මරණය වි ඇති බවට තින්දු කර තිබෙනවා.

ගාල්ල – ලලිත් චාමින්ද