hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූලි 21, ප.ව. 4:05



අකුණු සැරක් වැදී විශාල ගසක් පතිත වීමෙන් බදුලුඔය හරහා වැටී තිබුණු අත්වැල් පාලමක් සම්පූර්ණයෙන්ම හානියට පත්ව ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කාර්යාලය පවසයි.

පෙරේදා (19) සවස් කා‍ලයේ බදුල්ලට ධාරානිපාත වර්ෂාවක් ඇද හැලුණු අතර එම වර්ෂාවත් සමඟින් අකුණු සැර තත්වයක්ද ඇති වී තිබෙනවා.

එසේ ඇතිවූ අකුණු සැරක් බදුල්ල ග්‍රීන්ලේන් ඩ්‍රයිව් මාවතෙන් බදුල්ල දූපත ගම්මානයට පිවිසීමට ඇති අත්වැල් පාලම අසල විශාල ගසකට වැදී තිබෙනවා.

මෙම දූපත නම් ගම්මානයේ ජනතාවට ඉතා පහසුවෙන් හා කඩිනමින් තම ගම්මානයට පිවිසිය හැකි පරිදි පාලම මීට මාස හයකට පමණ ඉහතදී වැඩ නිමවා ජනතාවගේ භාවිතයට පත්කෙරුණු බව ගම්වාසීන් පවසනවා.

විශාල ශබ්දයක්ද සමගින් මෙම අකුණ රාත්‍රී 7.00ට පමණ පතිත වී ඇති අතර අකුණු සැර වැදීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නැහැ.

කඩා වැටුණු ගස ඉවත් කිරීමේ කටයුතු බදුල්ල මහ නගර සභාවේ සේවකයින් විසින් සිදු කර තිබෙනවා.

බදුල්ල – ජයලත් දිසානායක