hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2023 ජූලි 29, පෙ.ව. 1:18



මත්පැන් නිෂ්පාදනය ඉකුත් වර්ෂයේ දි (2022) සියයට 9.9කින් වැඩිවි ඇති බව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය විසින් 2022 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවේ සදහන් වෙනවා.

මත්පැන් නිෂ්පාදනය 2021 වර්ෂයේ දි ලිටර් මිලියන 37.5 සිට 2022 වර්ෂයේ දි ලීටර් මිලියන 41.2 දක්වා සියයට 9.9කින් වැඩිවි ඇති බවද මෙම වාර්ෂික වාර්තාවේ සදහන් වෙනවා.

මත්පැන් මත පැනවු සුරාබදු ආදායම 2021 වර්ෂයේ දි රුපියල් බිලියන 138.6ට සාපේක්ෂව 2022 වර්ෂයේදී රුපියල් බිලියන 165.2 දක්වා සියයට 19.2කින් කැපී පෙනෙන ලෙස වැඩිවි ඇති බවද මුදල් අමාත්‍යංශය විසින් නිකුත්කොට ඇති වාර්තාව මගින් පෙන්වා දි තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් ආශ්‍රිත නිෂ්පාදන වල ඉලක්කගත ආදායම ඉහල නැංවිම සදහා ආරක්ෂිත සලකුණු හා ආරක්ෂිත සලකුණු කළමණාකරණ පද්ධතියේ ඇති ගැටළු විසදිමට නිසි අධික්ෂණ පද්ධතියක් සහිතික කළ යුතු බවද මෙකි වාර්තාව මගින් පෙන්වා දි තිබෙනවා.