hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 මැයි 25, පෙ.ව. 11:39



හිතු හිතූ මිල ගණන් වලට මත්පැන් විකිණීමත් සමහරක් මත්පැන් අලෙවිහල් වල කාල සහ භාග බෝතල් නැති වීමත් නිසා පාරිභෝගිකයින් දැඩි අපහසුතාවට පත්ව සිටින බව වාර්තා වෙනවා.

මීට සති කිහිපයකට පෙර මත්පැන් මිල වරින් වර ඉහළ යෑමත් ඒ බව සඳහන් නොකර මත්පැන් විකිණීමට ඇතැම් මත්පැන් අලෙවිහල් හිමියන් කටයුතු නොකිරීම නිසා මත්පැන් මිලදී ගැනීමට එන පාරිභෝගිකයන් මත්පැන් අලෙවි කරුවන් සමග ගැටුම් පවා ඇති කරගෙන තිබෙනවා.

ඒ නියමිත වේලාවට නොපැමිණීම හේතුවෙන්.

අති විශේෂ වර්ගයේ මත්පැන් පානය කරන්නන් දිවයින පුරා බහුලව සිටින අතර මත්පැන් අලෙවිහල් වල වැඩියෙන් අලෙවි වන්නේ ද එම වර්ගයේ මත්පැන්.

සමහර පාරිභෝගිකයන් අරක්කු කාල මිලදී ගැනීම කරන බවත්, ඒ සදහා මත්පැන් අලෙවිහල් වලට පැමිණියද අරක්කු කාලේ පමණක් නොව බාගේ බෝතල්ද විකිණීමට නැති බව පැවසීමෙන් ඔවුන් අසරණ තාවයට පත්වෙනවා.

එමෙන්ම කොළඹ නගරයේ මත්පැන් අලෙවි යෙදෙන අවන්හල් , රෙස්ටුරන්ට් සහ බාර් වැනි ස්ථාන ද මත්පැන් සඳහා එක එක මිල අය කරයි.

මේ සම්බන්ධයෙන් මීට පෙර සුරාබදු දෙපාර්තමේන්තු වෙන් කළ විමසීමකදී ඔවුන් පැවසුවේ මත්පැන් විකිණීමේ යෙදෙන ස්ථානවල මිල දර්ශන ප්‍රදර්ශනය කළ යුතු වුවද වුවද ඒ මිල දර්ශන පැහැදිලිව පෙනෙන සේ නොදැක්වෙන ස්ථාන කොළඹ නගරයේ බහුලව දැකිය හැකි වෙන බවයි.