hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 29, පෙ.ව. 11:09



රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ලබාදුන් පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යෑමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

සිසුන් 5,000ක් සඳහා මේ ණය යෝජනා ක්‍රමය යටතේ පහසුකම් සැලසීමට තීරණය වී ඇති බව වාර්තා වෙනවා.

රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීම සඳහා කඩඉම් ලකුණු ප්‍රමාණවත් නොවන සිසුන්ට රාජ්‍ය නොවන පිළිගත් උපාධි ආයතනවල පාඨමාලා හැදෑරීම සඳහා මේ යටතේ පොලී රහිත ණය පහසුකම් සැපයෙනවා.

දැනට ශිෂ්‍ය කණ්ඩායම් පහක් එම වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබා ඇති අතර 6 වැනි කණ්ඩායම සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ද මේ වන විට හඳුනාගෙන තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුව මෙතෙක් අනුගමනය කළ ක්‍රමවේදය අනුව 07 වැනි කාණ්ඩායම ලෙස සිසුන් 5,000කට එම ණය පහසුකම් සලසා දීමට අනුමැතිය හිමිව තිබෙනවා.