hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2023 ජූලි 31, ප.ව. 5:44



ජාතික ගීය විකෘති කර ගායනා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට නව ජනතා පෙරමුණ කටයුතු කර තිබෙනවා.

එහි විධායක සභික ගයාත්‍රි සොයිසා ප්‍රකාශ කළේ මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කළ යුතු බවයි.

මේ අතර මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා ප්‍රකාශ කළේ ජාතික ගීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කොට ඇති මූලික මිනිස් අයිතියක් බවත් එහි ස්වර මාලාව හෝ අකුරක් නොව ඉස්පිරිල්ලක් වෙනස් කිරීමට ද පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවයි.

2023 IPL තරඟාවලි සමාරම්භක උත්සව අවස්ථාවේ උමාරා සිංහවංශ විසින් ජාතික ගීය ඔපෙරා තාලයට ගායනා කිරීම මෙම ආන්දෝලනයට හේතු වී ඇත.