hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 15, ප.ව. 3:48



මැයි 18 වැනිදාට යෙදෙන යුද සැමරැම් දිනය දා එල්.ටී.ටීඊ. සංවිධානය විසින් ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බව ඉන්දියානු බුද්ධි අංශ වාර්තා කර ඇතැයි ද හින්දු පුවත්පත වාර්තා කර තිබෙනවා.

පුවත්පත මේ පුවත වාර්තා කර ඇත්තේ පෙරේදා (13) රාත්‍රියේදීයි.

ශ්‍රී ලංකාව බරපතල ආර්ථික හා දේශපාලනික අර්බුදයකට මුනපා ඇති මේ අවස්තාවේදී රජය සහ අරගලකරැවන් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් දෙවරක් හදිසි නීතිය පැනවීමට කටයුතු කර ඇති අවස්තාවක ජාත්‍යන්තර සම්බන්ධතා ඇති දෙමල ඩයස්පෝරාව රජයේ හමුදා සහ අරගලකරැවන් අතර හිදිමින් ඔවුන්ද මේ අවස්තාවේ එහි සිටින බව පෙන්වීමට උත්සහ දරා ඇතිබව ⁣පෙනෙන බව පොලිසිය සදහන් කර ඇති බව හින්දු පුවත්පත වාර්තා කර තිබුණා.

මැයි 18 වැනිදාට යෙදෙන මුල්ලිවයික්කාල් සැමරැම් දිනය දා මෙම ප්‍රහාරය දියත් කිරීමට සැලසුම් කර ඇති බවද, දෙමල සංහාරයක් සිදු කළ දිනය ලෙස ඇතැමුන් මේ දිනය සලකන අතර එල්. ටි.ටි.ඊ. ඇතැම් කනඩායම්වලට අවශ්‍ය වී ඇත්තේ තම නායකයාවන ප්‍රභාකරන් ඝාතනය කිරීමේ පලිය ගැනීමට මෙන්ම එල්.ටී.ටී.ඊ. මාධ්‍යවේදීනියක වන ඉසිප්‍රියා හා අනෙකුත් සාමාජිකයන් මරා දැමීමේ පලිය ගැනීමට බව පුවත්පත තවදුරටත් පවසා තිබුණා.

බුද්ධි අංශ තොරතුරු අනුව ආරංචි මාර්ග පවසා ඇත්තේ මෙම සැලසුම් සකස් කර ක්‍රයාත්මක කිරීමට හිටපු විශේෂ පුහුණුව ලත් කොටි සාමාජිකයින් තමිල්නාඩුවට ඇතුලු වී ඇති බවයි.

Image

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානය විසින් මැයි මස 18 වැනි දින ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බවට ඉන්දීය ඔත්තු සේවා උපුටා දක්වමින් ඉන්දීය ද හින්දු පුවත්පතේ පුවත සම්බන්ධයෙන් අද (15) දින ආරක්ෂක අමාත්‍යංංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පසුගිය 13 වැනි දින ඉන්දීය පුවත්පත විසින් මෙම ප්‍රවෘත්තිය වාර්තා කර ඇති බව පවසන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ඉහත තොරතුරු සබැඳිව මෙරට බුද්ධි අංශ විසින් ඉන්දීය බුද්ධි අංශ වෙතින් කරුණු විමසීමෙන් අනතුරුව එම තොරතුර සාමාන්‍ය තොරතුරක් ලෙස දන්වා ඇති බවයි.

මේ පිළිබඳව තවදුරටත් විමර්ශනය කර වැඩිදුර තොරතුරු වේ නම් ඒවා ගැන මෙරටට දැනුම්දීමට කටයුතු කරන බව ද දන්වා ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම තොරතුර සහ ජාතික ආරක්ෂාව හා සබැඳිව බුද්ධි සහ ආරක්ෂක අංශ වෙත දැනුවත් කර මේ වනවිටත් අවශ්‍ය සියලුම ආරක්ෂාව තර කරමින් ක්‍රියා කිරීමට කටයුතු කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

Sinhala 1 1187x1536 1